විවිධ ආසාත්මිකතා ඇති පුද්ගලයින්ද කොරෝනා මර්දන එන්නත ලබා ගත යුතු බව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල විද්‍යායතනයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අවධාරණය කර සිටී .
මෙහිදී ප්‍රවේශම් විය යුත්තේ කොවිඩ් එන්නතට අසාත්මිකතා දක්වන පුද්ගලයින් පමණක් වන බවත් , වෙනත් විවිධ ආහාර වලට හා ඖෂධ වලට අසාත්මිකතා දක්වන පුද්ගලයින් එන්නත ලබාගැනීමට බිය නොවිය යුතු බවත් ජීවන්දර මහතා මාධ්‍ය වෙත පැවසීය .
ඒ අනුව විවිධ අසාත්මිකතා ඇති පිරිස් නිසි වෛද්‍ය උපදෙස්ද ලබාගෙන , හැකි ඉක්මනින් එන්නත ලබාගැනීමට යොමුවීම ඉතා වැදගත් බවද ඒ මහතා සඳහන් කර ඇත ,
එසේම විවිධ රෝගාබාධ ඇති පිරිස්ද කිසිදු ප්‍රමාදයකින් තොරව එන්නත ලබාගැනීමට යොමුවිය යුතු බවද ඒ මහතා පවසයි .