නවතම පුවත්

ගම්පහ නගරයේ කඩසාප්පු වසා දැමේ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොරෝනා රෝග තත්ත්වය අධික ලෙස පැතිර යාම සැලකිල්ලට ගනිමින් ගම්පහ නගරයට ජනතාව ඇදී ඒම වලක්වාලීම පිනිස ගම්පහ නගරයේ වෙළඳසල් සහ සියලුම ව්‍යාපාරික ස්ථාන හෙට (16) සිට සතියක කාලයක් වසා තැබීමට ගම්පහ නාගරික එක්සත් වෙළඳ සංගමය තීරණය කර ඇත .

මේ සම්බන්ධයෙන් නගරයේ ව්‍යාපාරිකයින් සමග සාකච්ඡා කළ බවත් බහුතරය වෙළඳසල් වසා දැමීමට කැමැත්ත පළ කොට ඇති බැවින් මෙම තීරණය ගනු ලැබූ බවත් ගම්පහ නාගරික එක්සත් වෙළඳ සංගමය පවසයි ..

හෙට දිනයේ සිට ලබන 23 වෙනි දින දක්වා සතියක කාලයක් නගරයේ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට පියවර ගනු ලබන බව ගම්පහ නගරාධිපතිවරයා, දිසාපතිවරයා , ප්‍රාදේශීය ලේකම්වරිය, කොට්ඨාසය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා දැනුවත් කිරීමට පියවර ගත බවද නාගරික එක්සත් වෙළඳ සංගමය මාධ්‍ය වෙත පැවසීය

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා