අද රෑ සිට කිසිදු හමුවක් – අඟහරුවාදා සිට වෙඩින් තහනම්

Picture of අසංක

අසංක

අද (15) මධ්‍යම රාත්‍රියේ සිට ජනයා ඒකරාශී වන කිසිඳු අවස්ථාවක් සඳහා අවසර ලබා නොදෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම ලබන අඟහරුවාදා (17) දින මධ්‍යම රාත්‍රියේ සිට නැවත දැනුම් දෙන තුරු විවාහ මංගල උත්සව තහනම් කර ඇත.

අවන්හල්වල වරකට රැස්ව සිටිය හැක්කේ ඒවායේ ධාරිතවෙන් 50% කට නොවැඩි පිරිසකට බවද අදාළ නිවේදනයේ සඳහන්වේ.