ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර තම පාලනයට නතු කරගැනීමෙන් අනතුරුව මේ වනවිට .තලෙයිබාන් සටන්කාමින් එම නගරයේ ළමා උද්‍යානය , කාය වර්ධන මධ්‍යස්ථාන ,ආදී ස්ථානවලට ඇතුළු වී උන්මාදයෙන් මෙන් විනෝද වෙමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .
ඔවුන් මෙසේ නගරයේ තැන තැන විනෝද වන අයුරු දක්වෙන වීඩියෝ පෙළක්ද මේ වන විට සමාජ මාධ්‍ය තුල හුවමාරු වෙමින් ඇත .
තලෙයිබාන් සටන්කාමින් විසින් බම්පර්ස් කාර් රථ පදවමින්, කැරකෙන ඔන්චිල්ලා පදිමින් විනෝද වෙමින් සිටින අයුරු එම වීඩියෝ දර්ශන වල සටහන්වී ඇත .
මේ අතර තවත් තලෙයිබාන් සටන්කාමින් පිරිසක් විසින් ඇෆ්ගනිස්ථාන ජනාධිපති මන්දිරයේ පිහිටි කායවර්ධනාගාරය තුළ ක්‍රීඩා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ද මේ වන විට නිකුත් වී තිබෙ.
![YouTube player](https://i.ytimg.com/vi/nyso6Gt3t0g/maxresdefault.jpg)