චීන සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන 61.5ක ණය මුදලක් ලබාගැනීමට ශ්‍රී ලංකාව සූදානම්වේ ..
මීට අදාළ මූල්‍ය පහසුකම් ගිවිසුමට ශ්‍රී ලංකා රජය හා චීන සංවර්ධන බැංකුව අත්සන් තබා ඇති බව චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අද සඳහන් කළේය.
චීන මුදල් ඒකකයන් වලින් මෙම මූල්‍ය පහසුකම ලැබෙන බවත් ශ්‍රී ලංකා රජය කරන ලද ඉල්ලීමකට අනුව මෙම පහසුකම ලබාදෙන බවත් එම ට්විටර් පණිවුඩයේ දැක්වේ.
කොවිඩ්-19 වසංගතයට දක්වන ප්‍රතිචාරයට සහාය වීම, ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවරත්වය සහ ජීවනෝපය වඩාත් යහපත් කිරීම යනාදියට උපකාර කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය මෙම ඉල්ලීම කළ බව එම ට්විටර් පණිවුඩයේ තවදුරටත් දැක්වේ..