ඇෆ්ගනිස්ථානයේ ස්වාධීනත්වය ගැන තලිබාන් කල්ලියෙන් ප්‍රතිඥාවක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


පැතුම් වික්‍රමරත්න

ඇෆ්ගනිස්තාන භූමිය මින් ඉදිරියට කිසිවෙකුට හෝ වෙනත් රටකට එරෙහි ප්‍රහාර දියත් කරන භූමියක් ලෙස භාවිත කිරීමට ඉඩ ලබා නොදෙන බව තලෙයිබාන් සංවිධානය අවධාරණය කර සිටී

ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කර ගැනීමෙන් පසු එම සංවිධානය කාබුල් අගනුවරදී පැවැත්වූ පළමු නිළ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින් තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශක සබිහුල්ලා මුජාහිඩ් මේ බව පැවසීය .

. තම සංවිධානයට අභ්‍යන්තර හෝ බාහිර සතුරන් අවශ්‍ය නොවන බවත්  තලෙයිබාන් ප්‍රකාශකයා එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ.ය .

විදෙස් රටවල් සමඟ සබඳතා ගොඩනගා ගැනීමට සූදානම් බවද ඔහු එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය .

. ඉස්ලාම් රාමුව තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන බවත්  තලෙයිබාන් සංවිධානයේ ප්‍රකාශකවරයා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය .