ප්‍රබෝධා හෙට්ටිආරච්චි
ගතවූ මාසය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 7 දෙනකුට කොවිඩ් ආසාදනය වී තිබේ.
ඒ ඊයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලක් වීරසිංහ මහතාට ද කොවිඩ් ආසාදනය වූ බවට තහවුරු වීමත් සමඟ ය.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජන් පොන්නම්බලම්ට පෙරේදා කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.
මීට පෙර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය ඇමති ප්‍රසන්න රණවීර, මන්ත්‍රී දිලිප් වෙදආරච්චි, මන්ත්‍රී රෝහණ දිසානායක සහ මන්ත්‍රී ජනක තිස්සකුට්ටි ආරච්චි මේ මාසාය තුළ කොවිඩ් ආසාදිත සෙසු මන්ත්‍රීන් ය.