නවතම පුවත්

දැඩි වූ සීමා නිකුත් වෙයි

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


ප්‍රබෝධා හෙට්ටිආරච්චි

රට තුල පවතින කොරෝනා වසංගතය පාලනය සඳහා සංචරණ සීමා දැඩි කර ලබන 31 වැනිදා තෙක් ක්‍රියාත්මක කරනු ලබන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) නිකුත් කර තිබේ.

මෙය පසුගිය 16 වැනිදා සිට ලබන 31 වැනිදා තෙක් ක්‍රියාත්මක ය. මෙය සෞඛ්‍ය බලධාරීන් සහ රජය පසුගියදා ප්‍රකාශයට පත්කළ සංචරණ සීමා සහ සෞඛ්‍ය මාර්ගෝපදේශනයම වන අතර එහි සවිස්තර සහ  සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහතිකයෙන් යුත් නිල ප්‍රකාශය ලෙස ඊයේ නිවේදනය කර ඇත.

නවතම මාර්ගෝපදේශවලට අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි එක් නිවෙසකින් පිටවිය හැක්කේ එක් පුද්ගලයකුට පමණි. එසේ පිටවිය හැක්කේද අත්‍යවශ්‍ය රාජකාරි සහ ඖෂධ මිලදී ගැනීම සඳහා පමණකි.

මේ අතර පෙර පාසල් පාසල් හා උසස් අධ්‍යාපන ආයතන සහ අමතර පන්ති නැවත දැනුම් දෙන තුරු වසා දැමේ. වැඩමුළු ,සන්නාම එළිදැක්වීම්, හමු හා සම්මන්ත්‍රණ යනාදිය තහනම් කර ඇත.

ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාම සඳහා පමණක් විවෘත කෙරේ. කෘෂිකාර්මික ධීවර සහ කාර්මික අංශයේ කටයුතු කළ යුත්තේ දැඩි සෞඛ්‍ය නීති රීති රීතිවලට අනුකූලවය.

සම්බාහන මධ්‍යස්ථාන කායවර්ධන මධ්‍යස්ථාන, ගෘහස්ථ ක්‍රීඩාගාර, ළමා උද්‍යාන, පිහිනුම් තටාක වසා දැමිය යුතුවේ. සංගීත සංදර්ශන, මුහුදු වෙරළ ආශ්‍රිතව පවත්වනු ලබන සාද විනෝද සැණකෙළි ආදිය පැවැත්වීමටද අවසර හිමි වන්නේ නැත.

සුපිරි වෙළෙඳසල් සඳහා පුද්ගල ධාරිතාවයෙන් සියයට 25 කට පමණක් අවසර ලැබෙන අතර සාප්පු සංකීරණ විවෘත කිරීම තහනම්ය. රෙදිපිළි සාප්පු මාර්ගෝපදේශ අනුව ක්‍රියාත්මක කළ හැකිය.

එසේම ආගමික ස්ථානවල ජනතාව ඒකරාශි වීමේ අවස්ථාවන්ට අවසර හිමි නොවන අතර ගෘහස්ථ සහ එළිමහන් කිසිදු සාදයකට අවසර හිමි නොවුණු ඇත.

විවාහ උත්සව තවදුරටත් මෙම කාලය තුළ තහනම් වේ. අවමංගල්‍ය අවස්ථා කොවිඩ් ආසාදිතයකු නොවේ නම් මරණ පරීක්ෂක මුදාහැර පැය 24ක් තුළ 25 දෙනකුට අඩු සංඛ්‍යාවක් හෝ් හැකිතාක් අඩු පුද්ගල සහභාගිත්වයෙන් අවසන් කටයුතු කළ යුතුය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා