නවතම පුවත්

මෙරට මියගිය කොවිඩී රෝගීන් 98%ක් එන්නත අරන් නෑ

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර


දම්පත් රණසිංහ

මෙරට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයින්ගෙන් සියයට 97.7 ක පිරිසක් කිසිදු කොවිඩ් මර්දන එන්නතක් ලබාගෙන නැති අය බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

කොවිඩ් ආසාදිත මරණ සහ කොවිඩ් එන්නත් ලබා ගැනීම් සම්බන්ධයෙන් කළ සමීක්ෂණයකදී ඒ බව තහවුරු වී තිබේ.

එහිදී සෞඛ්‍ය අංශයේ සමීක්ෂණයට ලක්ව ඇත්තේ ඉකුත් 13 වෙනිදා දක්වා රටේ සිදුවූ කොවිඩ් ආසාදිත මරණ 5,775 කි. ඒ අය අතරින් පුද්ගලයින් 5,295 දෙනෙක්ම කිසිදු එන්නතක් ලබාගෙන නොසිටි අය බව එහිදී පෙනී ගොස් තිබේ.

එසේම සෙසු 480 දෙනා කුමන හෝ කොවිඩ් එන්නතක් ලබාගත් අයයි. එසේම ඒ අයගෙන් පුද්ගලයින් 417 දෙනෙක්ම එක් මාත්‍රාවක් පමණක් ලබාගත් අයයි.

කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් අය මියගොස් ඇත්තේ 63 දෙනෙක් පමණි. එම අගය සැළකෙන්නේ සියයට 1.1 ක් ලෙසිණි.

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !