“ලොක්ඩවුන්” නිසා අසරණ වන පවුල්වලට රු.2000ක දීමනාවක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් රට අගුළු දමා ඇති කාලසීමාවේදී ජීවනෝපායන මාර්ග අහිමිවන පවුල් සඳහා රුපියල් 2000ක දීමනාවක් ලබාදීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇත .

දැනටමත් ඒ සඳහා මුදල් වෙන් කර ඇති අතර ලබන සඳුදා සිට දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා එම දීමනාව ලබාදීමේ කටයුතු ආරම්භ කෙරෙනු ඇති බව මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටී