ඛනිජ තෙල් සංස්ථා ජාතික සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ ඔශු පදිංචිව සිටින වැලිසර පිහිටි නිවසේදීය.
ශ්‍රී ලංකාව සතුව මේ වන විට ඇත්තේ දින 10ක් හෝ 11ක් පමණ ආවරණය කිරීම සඳහා වන පැට්‍රෝල් හා ඩීසල් පමණක් බවට මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ව්‍යාජ තොරතුරක් සදහන් කිරීමක් සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත.
එම තොරතුරු පදනම් කරගෙන මහජනතාව කලබලවී ඉන්ධන පිරවුම්හල් අසල ඊයේ දිගු පොලිම් හට ගැනීමත් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශයෙන් ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත.