නිකිණි පොහොය අදයි

Picture of අසංක

අසංක

අද නිකිණි පොහොය දිනයයි.

නිකිණි පුන් පොහොය වස්සාන සමයේ ආරම්භයයි. තුන්මසක් තිස්සේ වස් වසා අවසානයේදී චීවර මාසය උදා වේ.

අජාසත්ත රජතුමාගේ අනුග්‍රහය ඇතිව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ආනන්ද, අනුරුද්ධ උපාලි යන රහතන් වහන්සේ ප්‍රධාන පන්සියයක් මහරහතන් වහන්සේලාගේ සහභාගිත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සප්තපර්ණි ගුහාද්වාරය ඉදිරිපිට ඉදි කරවූ අලංකාර මණ්ඩපයකදී ප්‍රථම ධර්ම සංඝායනාව ආරම්භ කරන ලද්දේ ද නිකිණි පුන් පොහොය දිනයේදීය.

ධර්ම භාණ්ඩාගාරික වූ ද අග‍්‍ර උපස්ථායක වූ ද ආනන්ද ස්වාමීන් වහන්සේ රහත් බවට පත් වූවේ ද නිකිණි පෝදාය.

බුදුරදුන්ගේ ලලාට ධාතු නිධන් කර සේරුවාවිල දාගැබ තැනීම ආරම්භ කිරීමද නිකිණි පොහොයේදී සිදු විය. එමෙන්ම සේරුවාවිල පෙරහර පැවැත්වෙන්නේද නිකිණි පොහොයත් සමඟය.