නවතම පුවත්

කොවිඩ් මළ සිරුරු ගැන බොරු ෆොටෝ FB දැමූ අයෙක් අත්අඩංගුවට

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ

කොවිඩ් ආසාදිතව මිය ගිය රෝගීන්ගේ මළ සිරුරු කළුබෝවිල රෝහලේ වාට්ටුවල තැන තැන දමා තිබෙන බවට ව්‍යාජ ඡායාරූප සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ බව කියන පුද්ගලයෙක්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ (23) අත්අඩංගුවට ගනු ලැබීය.

“මළ මිනී ගොඩ ගැසෙන්න පටන් අරන් අපට සරණක් නැද්ද “යනුවෙන් සදහන් කර එම ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

එම ඡායාරූප විදේශරටක ඒවා බවත් දේශීය ඒවා ලෙස සකස්කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවත් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු නුගේගොඩ පදිංචිකරුවෙක් වන නුවන් සාරංග පරණහේවා නැමැති 36 හැවරදි වියැති පුද්ගලයෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.

සැකකරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත මුදා හරිමින් ලබන 16 වෙනිදා පෙනී සිටින ලෙස නිරෝගකර තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා