නවතම පුවත්

60ට වැඩි හාරලක්‍ෂ පනස්දහසක් , එන්නත අරගෙන නැහැ !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වයස අවුරුදු 60ට වැඩි මෙරට පුද්ගලයින්  හාරලක්ෂ පනස් දහසකට අධික පිරිසක්  මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් හෝ  ලබාගෙන නොමැති බව  ග්‍රාම නිලධාරීන් ඇතුළු ගම් මට්ටමේ ක්ෂේත්‍ර නිලධාරීන් කළ සොයා බැලීමකින් අනාවරණය වී ඇත  .

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, එම්.එච්.එම්. චිත්‍රානන්ද මහතා මාධ්‍ය වෙත  සඳහන් කර ඇත්තේ  , පුද්ගලයින් හාර ලක්ෂ පනස් පන් දහස් පන්සිය තිස් නව දෙනෙකු කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් බවට මේ වනවිට තහවුරු වන බවය.

එන්නත් මාත්‍රා ලබා නොගත් 60ට වැඩි පුද්ගලයින් සඳහා විශේෂ එන්නත්කරණ වැඩසටහනක් අද(24) සිට ආරම්භ කරන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේය .

ඔහු සඳහන් කළේ, යුද හමුදාව සහ සෞඛ්‍ය අංශ ඒකාබද්ධව එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවෙන බවය.

ලද තොරතුරු මත එන්නත්කරණයට ලක්නොවූ මෙම පිරිසෙන් එන්නත්කරණ මධ්‍යස්ථාන වෙත පැමිණිය නොහැකි පුද්ගලයින් සඳහා ජංගම එන්නත්කරණය මගින් ද, සෙසු පුද්ගලයින් සඳහා එන්නත්කරණ මධ්‍යස්ථානවලදී ද එන්නත්කරණයට පියවර ගෙන තිබේ .

අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, දිස්ත්‍රික්ක සඳහා වෙන් කර ඇති එන්නත් වර්ග අනුව, එන්නත්කරණයට පියවර ගන්නා බවය.

 

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා