එප්පාවල පොස්පේට් නිධියෙන් ප්‍රයෝජන ගැනීමට රජය සැරසේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එප්පාවල පොස්පේට් නිධිය ප්‍රයෝජනයට ගෙන කාබනික පොහොර නිපදවීමට ඉක්මනින් පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කර සිටී

මෙරට පොස්පරස් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 125,000 – 175,000 අතර වන බව කී ඔහු මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගෙන්නේ ඉතිහාසයේ පළමු වරට බවද ඔහු මාධ්‍ය වෙත අද  පැවසීය

රටෙි අවශ්‍යතාව ඉටු කර ගැනීමට හෝ වෙනත් ජාතික අවශ්‍යතාවක් වෙනුවෙන් මෙතෙක් එප්පාවල පොස්පේට් නිධිය කිසිදු ප්‍රයෝජනයකට ගෙන නැති බව පැවසූ කෘෂිකර්ම අමාත්‍යවරයා, ලෝකයේ පොස්පේට් නිධි තවත් වසර 40 කින් අවසන් වන බවට විවිධ පර්යේෂණ මගින් තොරතුරු හෙළිකර තිබෙන නමුත් එප්පාවල පොස්පේට් නිධිය තව වසර 200 ක් ප්‍රයෝජනයට ගතහැකි සුවිශාල ජාතික සම්පතක් බවද සඳහන් කළේය ..

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ලංකා පොස්පේට් සමාගම, සින්ටෙක් ආයතනය හා කොළඹ විශ්වවිද්‍යාලය ඒකාබද්ධව පොස්පේට් නිධිය යොදා ගනිමින් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමට නියමිත අතර, පළමු අදියර යටතේ පොහොර මෙට්‍රික් ටොන් 50,000 ක් නිෂ්පාදනය කර ක්‍රමයෙන් එම ධාරිතාව ඉහළ දැමීමට තීරණය කර තිබෙ