උද්ඝෝෂණවලට එක්වූ ගුරුවරු විශාල පිරිසකට කොරෝනා ආසාධනයවෙලා !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෑතකදී පැවති ගුරු විදුහල්පති උද්ඝෝෂණ වලට සහභාගී වූ ගුරුවරුන් විශාල පිරිසකට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා පොදුජන අධ්‍යාපන සේවක සංගමය අනාවරණය කර සිටී .

එම සංගමයේ සභාපතිනී  වසන්තා හඳපාන්ගොඩ මහත්මිය  මාධ්‍ය  වෙත අද පැවසුවේ  මෙහිදී .තවත් ගුරුවරුන් පිරිසක් වෛරසය ආසාදනයෙන් මිය ගොස් ඇති බවයි

ආණ්ඩු විරෝධී වෘත්තිය සමිති විසින් සංවිධානය කළ මෙම විරෝධතා නිසා විපතට පත් ගුරු පිරිස්වල වගකීම එම වෘත්තිය සමිති නායකයන් බාරගත යුතු යැයි ද පැවසූ ඇය එම නායකයන් අද වන විට අතුරුදහන් වී ඇතැයි ද කියා සිටියාය.

පවත්වන ලද ගුරු විරෝධතා හේතුවෙන් නැවත වතාවක් රට තුළ කොරෝනා තත්ත්වය ව්‍යාප්ත වූ බවටද ඇය චෝදනා කරයි. ආණ්ඩු විරෝධී ලෙස කටයුතු කිරිමට කෝටි 85ක මුදලක් විවිධ රාජ්‍ය නොවන සංවිධානවලින් ගුරු සංගම් වල ඇතැම් නායකයන්ට සහ ප්‍රසිද්ද හිමි නමකට ලැබුණු බවට වාර්තා පළ වූ බවද ඇය පැවසුවාය.