නවතම පුවත්

මව කොවිඩ් එන්නත ගත්තොත් කිරිබොන ළදරුවාටත් ආරක්ෂාවක්

අසංක

අසංක

කිරි දෙන මව්වරුන් කොවිඩ් මර්දන එන්නත ලබාගැනීම මගින් කිරිබොන වයසේ ළදරුවන් වෛරසයෙන් ආරක්ෂා කර ගත හැකි බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

එන්නත ලබාගත් මවුවරුන්ගේ මව්කිරිවල සැලකිය යුතු ප්‍රතිදේහ ප්‍රමාණයක් අඩංගු වීම ඊට හේතුව බව වෛද්‍ය විද්‍යා සඟරාවක ප්‍රකාශයට පත් කරන ලද මෙම පර්යේෂණ වාර්තාවක දැක්වේ.

මේ අනුව ගර්භනී සහ කිරි දෙන කාන්තාවන්ට ප්‍රතිශක්තිකරණය ලබා ගැනීමට එන්නත ගැනීම තුළින් මව සහ දරුවා යන දෙදෙනාම ආරක්ෂා කර ගත හැකි බව මෙය තවදුරටත් තහවුරු කරනු ලබයි.

‘කොවිඩ් මර්දන එන්නත මඟින් මව්කිරිවල SARS-CoV-2 ට එරෙහි ප්‍රතිදේහ සැලකිය යුතු ලෙස වැඩි කරන බවත් එන්නත් කිරීම මගින් මව්වරුන්ට මෙම ප්‍රතිශක්තිය තම ළදරුවන්ට ද ලබා දිය හැකි බවත් අපගේ සොයා ගැනීම්වලින් පෙනී යයි’ යනුවෙන් එක්සත් ජනපදයේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ ජේසප් ලාර්කින් පවසා තිබේ.

ළදරුවන් ඉපදෙන විට ඔවුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය නොදියුණු වන අතර එමඟින් ආසාදනවලට තනිවම සටන් කිරීමට අපහසු වන බව පර්යේෂකයෝ පෙන්වාදෙති. එමෙන්ම මෙවැනි එන්නතකට ප්‍රතිචාර දැක්වීමට තරම් ඔවුන් කුඩා වැඩි බව ඔවුහු පවසති.

“මව් කිරි යනු ළදරුවා ජීවිතය සඳහා සූදානම් කිරීමට උපකාරී වන විවිධ මෙවලම් වලින් පිරුණු මෙවලම් පෙට්ටියක් යැයි සිතන්න. එන්නත් කිරීම තුළින් මෙවලම් පෙට්ටියට තවත් මෙවලමක් එක් කරන අතර එය COVID-19 රෝග වැළැක්වීමේදී විශේෂයෙන් හොඳම මෙවලමක් බව” ඔවුහු සඳහන් කරති.

එන්නත මඟින් ලබා ගන්නා COVID-19 ප්‍රතිදේහ අඩංගු මව් කිරි එය ලබාගන්න‍ා ළදරුවන් ආරක්ෂා කරන්නේ කෙසේදැයි මෙම පර්යේෂණ කණ්ඩායම අඛණ්ඩව ගවේෂණය කරමින් සිටී.

මෙම ප්‍රතිදේහ අඩංගු මව් කිරි පරිභෝජනය කරන ළදරුවන්ට COVID-19 ට එරෙහිව තමන්ගේම ආරක්‍ෂාවක් වර්ධනය වේදැයි දැන ගැනීමට ඔවුහු තවදුරටත් උත්සහ කරති.

ලොව පුරා සිදු කරන ලද වෙනත් අධ්‍යයන ගණනාවකින්ම එන්නත් කළ මව්වරුන්ගේ මව්කිරි වල ප්‍රතිදේහ දක්නට ලැබෙන බවට හෙළිවී තිබේ.

‘එයින් අදහස් කරන්නේ අපගේ අධ්‍යයනය තුළින් සොයාගන්නා සාක්ෂි තවදුරටත් තහවුරු කරන බවයි,’ යනුවෙන් ඔවුහු සඳහන් කරති.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා