නවතම පුවත්

ශ්‍රී ලංකාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම ප්‍රගති වාර්තාව මෙන්න!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය අනුව දකුණු හා අග්නිදිග ආසියානු රටවල් අතරින් ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ පසු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කල නවතම  වාර්තාවක දැක්වේ .

කෙසේ වෙතත්  සමාජ ඒකරාශීවීම් වළක්වන්නට ශ්‍රී ලංකාව සාධනීය පියවර ගෙන තිබුණද මෙරට ජනතාව නිවෙස්වල රැඳීසිටීමේ ප්‍රතිශතය සාපේක්ෂව අඩු අගයක් ගන්නා බව එම වාර්තාවේ දැක්වේ .

ශ්‍රී ලංකාවේ පුරවැසියන් නිවෙස් තුළ රැඳීසිටීමේ ප්‍රතිශතය සියයට 60ක් වැනි සාපේක්ෂ අඩු අගයක පවතින බව  එම වාර්තාවේ දැක්වේ .

දකුණු සහ අග්නිදිග ආසියානු රටවල කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සතිපතා ප්‍රකාශයට පත්කරන වාර්තාවේ මෙම කරුණු  පෙන්වා දී තිබේ. ඒ පසුගිය අගෝස්තු 9 සිට 15 දක්වා වූ සතියට අදාළවය.

එම සතිය තුළ මෙරට කොවිඩ් පරීක්ෂණවලින් ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රතිශතය සියයට 15.8කි.  ශ්‍රී ලංකාවෙන් මේ වනවිට ඇල්ෆා , බීටා සහ ඩෙල්ටා ප්‍රභේද හඳුනාගෙන තිබුණත් පළමුවරට බ්‍රසීලයෙන් හඳුනාගත් ගැමා ප්‍රභේදය මෙතෙක් මෙරටින් වාර්තා වී නොමැති බව එම වාර්තාව පෙන්වාදෙයි.

 

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි