පැතුම් වික්‍රමරත්න
කොරෝනා වයිරසය පිළිබද අසත්‍ය පුවත් ඇතුළත් කරමින් පළකල වීඩියෝ මිලියනකට අධික ප්‍රමාණයක් ඉවත්කිරීමට යු ටියුබ් ආයතනය පියවර ගෙන ඇත
“ගෝලීය වසංගතයක් මධ්‍යයේ, සෑම කෙනෙකුම තමා සහ තම පවුල් ආරක්ෂාකාරීව තබා ගැනීම සඳහා ලබා ගත හැකි හොඳම තොරතුරුවලින් සන්නද්ධ විය යුතුයි.” යනුවෙන් යූටියුබ් ආයතනය මේ සම්බන්ධයෙන් නිවේදනයක්ද නිකුත් කරමින් සඳහන් කර ඇත
කොරෝනා වෛරසය සහ වෙනත් මාතෘකා සම්බන්ධයෙන් වැරැදි සහ හානිකර තොරතුරු ප්‍රචාරය වීම වැළැක්විමට ප්‍රමාණවත් පියවර නොගත් බවට තම ආයතනයට දේශපාලන නායකයන්ගෙන් චෝදනා එල්ල වී තිබු බව ද යූටියුබ් ආයතනය සඳහන් කර ඇත .