කොච්චර පියවර ගත්තත් ලංකාවේ සමාජ ඒකරාශිවීම් වැඩියි – WHO

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය අනුව දකුණු හා අග්නිදිග ආසියානු රටවල් අතරින් ශ්‍රී ලංකාව තුන්වන ස්ථානයේ පසු වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කල නවතම වාර්තාවක දැක්වේ .

කෙසේ වෙතත් සමාජ ඒකරාශීවීම් වළක්වන්නට ශ්‍රී ලංකාව සාධනීය පියවර ගෙන තිබුණද මෙරට ජනතාව නිවෙස්වල රැඳීසිටීමේ ප්‍රතිශතය සාපේක්ෂව අඩු අගයක් ගන්නා බව එම වාර්තාවේ දැක්වේ .

ශ්‍රී ලංකාවේ පුරවැසියන් නිවෙස් තුළ රැඳීසිටීමේ ප්‍රතිශතය සියයට 60ක් වැනි සාපේක්ෂ අඩු අගයක පවතින බව එම වාර්තාවේ දැක්වේ .

දකුණු සහ අග්නිදිග ආසියානු රටවල කොවිඩ් ව්‍යාප්තිය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සතිපතා ප්‍රකාශයට පත්කරන වාර්තාවේ මෙම කරුණු පෙන්වා දී තිබේ. ඒ පසුගිය අගෝස්තු 9 සිට 15 දක්වා වූ සතියට අදාළවය.

එම සතිය තුළ මෙරට කොවිඩ් පරීක්ෂණවලින් ආසාදිතයන් වාර්තාවීමේ ප්‍රතිශතය සියයට 15.8කි. ශ්‍රී ලංකාවෙන් මේ වනවිට ඇල්ෆා , බීටා සහ ඩෙල්ටා ප්‍රභේද හඳුනාගෙන තිබුණත් පළමුවරට බ්‍රසීලයෙන් හඳුනාගත් ගැමා ප්‍රභේදය මෙතෙක් මෙරටින් වාර්තා වී නොමැති බව එම වාර්තාව පෙන්වාදෙයි.