විදෙස්ගත වන්නන් එන්නත්කරණය කිරීම හෙට සිට යලී ඇරඹේ !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

විදේශ රැකියා සඳහා පිටත්ව යාමට සූදානම් වන මෙරට ශ්‍රමිකයින්ට ඒ , ඒ රටවල් සඳහා ගැලපෙන එන්නත ලබා දීමේ වැඩසටහන යළි හෙට (30) සිට ආරම්භ කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කර සිටී

, මෙම වැඩපිළිවෙළ පිළිබඳව සියලු තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවියේ දැක්වෙන අතර  එම පුද්ගලයින් කාර්යාංශයට ගෙවිය යුතු මුළු මුදල ගෙවා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ව ලියාපදිංචි විය යුතු ය.

අනතුරුව සාර්ථකව මෙම ලියාපදිංචිය ලබා ගත්තේ ද , යන්න කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙනු ඇත

නාරාහේන්පිට පිහිටි යුද හමුදා‌ රෝහලේදී එන්නත්කරණය සිදු කරන අතර, එය ද කෙටි පණිවිඩයක් මගින් නිශ්චිත දිනයක් හා වේලාවක් සඳහන් කර දැනුම් දෙනු ලබයි.

අදාළ එන්නත් වර්ගය කුමක්ද යන්න පිළිබඳවත් මේ හරහා දැනුම් දෙනු ඇති.බවද කාර්යාංශය පවසයි

මීට පෙර ස‌යිනෝෆාම් එන්නත පිළිනොගත් රටවල් වර්තමානයේදී එම එන්නත පිළිගනිමින් සිටින බවත්, කාර්යාංශය සඳහන් කර ඇත

මේ අතර 30,000 කට අධික පිරිසක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මේ වනවිට ලියාපදිංචි වී ඇති අතර, එයින් 12,000 කට අධික පිරිසකට එන්නත ලබා දී තිබේ.

ඉදිරි සතිය හෝ සති 02ක් ඇතුළත විදෙස්ගතවීමට බලාපොරොත්තු වන්නේ නම්, 1989 අමතා සිය කරුණු පැහැදිලි කර කඩිනම්න් එන්නත්කරණය සඳහා යොමුවිය යුතු බවය.

මීට අමතරව විදෙස්ගතවීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයින්ට යම් ගැටලුවක් ඇති නම්, පැය 24 පුරා ක්‍රියාත්මක 1989 අමතා සිය ගැටලුව ඉදිරිපත් කර සිය ගැටලුවට විසඳුම් ලබා ගත හැකිය.