නවතම පුවත්

කොවිඩ් රෝගීන්ට නිවසේ සිට ප්‍රතිකාර කිරීම සාර්ථකයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට නිවෙස් තුළ ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය සාර්ථක ප්‍රතිඵල පෙන්වන බව පවුල් වෛද්‍ය විද්‍යා, විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය පෙන්වාදේ .

ඇය පෙන්වා දෙන්නේ, කොවිඩ් ආසාදිතයින් සුවය ලැබීම සඳහා මානසික සෞඛ්‍ය යහපත්ව පැවතීම අත්‍යාවශ්‍ය සාධකයක් වන බවත් , නිවසේ රැඳී සිටින බොහෝ රෝගීන්ගේ මානසික තත්වය යහපත් මට්ටමක පවතින බවත්ය .

පසුගිය ජුනි මස 7වැනිදා ආරම්භ කළ නිවෙස් ගත ප්‍රතිකාර ක්‍රමයෙන් මේ වනවිට කොවිඩ් ආසාදිතයින් 24,847දෙනෙකු සුවය ලබා ඇති බවද විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

මෙහිදී ඇය මෙසේද පැවසීය

“දිවයින පුරා රෝගීන් 41,826ක් අපි නිවෙස්ගත ක්‍රමයට අනුගත කරගෙන තියෙනවා. අපි රෝහල්ගත කරලා තියෙන්නේ රෝගීන් 474ක් පමණයි. නිවසේ රැඳීසිටිමින් කරන ප්‍රතිකාර ක්‍රමයේදී රෝගීන්ගේ මානසික සහනය ප්‍රධාන දෙයක් ලෙස ඔවුන්ගේ ප්‍රතිචාරවලින් අපිට දැනගන්න ලැබුණා. ඔවුන් සමග දුරකථන සංවාද කිරීමේදී අපිට ඒ බව අනාවරණය වුණා. මානසික ආතතිය මේ රෝගයේ සංකූලතා ඇතිවීමට බොහෝ සෙයින් බලපාන කරුණක්.”

samitha
සමිත දුලාන්ගෙන් ලෝක වාර්තාවක්
inflation
උද්ධමනය ඉහළ ගිහින්
prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !