දේශීය ඖෂධ මංජුසාවක් ලබන සතියේ සිට නිවසටම !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ප්‍රතිශක්තීකරණය වර්ධනය කරන දේශීය ඖෂධ තෝරාගත් නිවෙස් වෙත ලබාදීම ලබන සතියේ සිට ආරම්භ කරන  බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කර සිටී .

. එම වැඩසටහනේ පළමු අදියර බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවද  රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත පැවසීය

සෑම නිවසකටම ආයුර්වේද ඖෂධ මංජුසාවක් ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බවත් ඒ අනුව මෙම වැඩසටහන කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කල බවත් ඒ මහතා පැවසීය .

ප්‍රතිශක්තීකරණය වර්ධනය කරන කොත්තමල්ලි , වෙනිවැල්ගැට හීන් අරත්ත වැනි ඖෂධ මෙන්ම සුවධරනී ඔසු පැන් ආදියද මෙසේ ලබාදීමට කටයුතු කරන බව ඒ මහතා පැවසීය