ප්‍ර්‍රබෝධා හෙට්ටිආරච්චි
දිවයින පුරා සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා අද (01) සහ හෙට (02) විවෘත කෙරේ. මේ අනුව සියලුම ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳාම සඳහා අද අලුයම 04.00 සිට විවෘත කෙරෙනු ඇත.
නිරෝධායන ඇඳිරිනීතිය ලබන 06 වැනිදා දක්වා දීර්ඝ කර ඇති හෙයින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ජනතාවට ලබාදීම සඳහා අද හෙට සියලු ආර්ථික මධ්‍යස්ථාන මෙසේ විවෘත කෙරෙන බව රජය නිවේදනය කරයි .
සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් එහි පැමිණෙන ලෙස මැනිං පොදු වෙළෙඳ සංගමය ඉල්ලා සිටී.