කොටස් වෙළඳපොළ වාර්තා තබයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අදි (18) දින ගනුදෙනු අවසානයේ දී ඒකක 9,709.14 ක් වශයෙන් සටහන් විය. මෙය පූර්ව ගනුදෙනු දිනය වූ පසුගිය සිකුරාදා (15) දිනයට වඩා ඒකක 85.33 ක ඉහළ යාමකි.

දිනයක ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,700 සීමාව ඉක්මවා සටහන් වූ පළමු අවස්ථාව මෙයයි. මීට පෙර සියලු කොටස් මිල දර්ශකයේ වැඩිම අගය ඒකක 9,678.89 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර පසුගිය ඔක්තෝබර් 08 වැනි දින එම අගය වාර්තා වී තිබුණි.

අද දින රු. බිලියන 2.74 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

2021 වසරේ මේ දක්වා කාලය තුළ 43.32% කින් කොටස් වෙළෙඳපොළ වර්ධනය වී තිබේ.