වල් නාශක , කෘමි නාශක ආනයනයට අවසර !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වගාවන් සඳහා අවශ්‍ය අනුමත කෘමිනාශක සහ වල්නාශක මෙරටට ගෙන්වීමට අදාළ සමාගම්වලට අවසර දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා පවසයි.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේද පැවසීය

 “අද පොහොර එනවා. මොකද්ද එන්නේ නැනෝ නයිට්‍රජන්, නයිට්‍රජන් පෝෂකය තමයි අද ඉඳන් අපේ ලංකාවට ලැබෙන්නේ.

“දැන් මේ පොහොර කියන්නේ රසායනික සංඝටක එකතු කරලා, සාදන සංයෝගයක්. එතකොට මේ අද එන නැනෝ නයිට්‍රජන් ප්‍රඩක්ට් එකක් විදියට කාටහරි කියන්න පුළුවන් රසායනික ද්‍රව්‍යයක් කියලා. මේකේ ජීවි ද්‍රව්‍ය නැති නිසා මේක අකාබනිකයි කියලා කියන්නත් පුළුවන්. එහෙම නෙමෙයි මේක විශේෂිත පොහොරක්. යූරියා කිලෝ ග්‍රෑම් 50ක කොට්ටයක් වෙනුවට තුන්වෙනි පරම්පරාවේ නැනෝ නයිට්‍රජන් එකකින් ගහන්න ඕනේ 500ml බෝතලයක් පමණයි. හෙක්ටයාරයකට මේකෙන් අවශ්‍ය වෙන්නේ 2.5lයි. එක වතුර ලීටරයකට දිය කරන්නේ 4ml.”

“කොම්පෝස්ට් දාන්නේ පසේ වයනය කියන සාරවත්භාවය ඇති කරගන්න.”“ඒ නිසා තමයි පියවර ගත්තේ, අනුමත වල්නාශකවලින් අපේ සමාගම් හරහා මේ අවශ්‍ය ගානට ගේන්න දෙන්න. හැබැයි වල්නාශක ගහනවා කියලා අර නිකන් ඉබාගාතේ ගහන්නේ නැතුව, යම්කිසි වැඩපිළිවෙලක් අනුව අක්කර ගාන අනුව දීලා කරන වැඩපිළිවෙලක්.”

කෘමි සතුන්ගෙන් සිදුවන හානි සඳහා  පළිබෝධනාශක, වල්නාශක අවශ්‍ය ප්‍රමාණයෙන් ගොවි ජනතාවට ගෙනත් දෙන්න මේ අවස්ථාවේ කටයුතු කරලා ඉවරයි.”

තේ වගාවටත් මේ දියර පොහොර යොදන්න පුළුවන්. හැබැයි අපේ තේ වගාව අපනයනය මත පදනම් වූ වගාවක් නිසා අපි එකවරම ඒ කටයුත්තට යන්නේ නෑ. ඒ නිසා තේ වගාවට අවශ්‍ය කරන මෙතෙක් කල් භාවිත කරපු පොහොර වර්ග නියමිත ප්‍රමිතියෙන් ගෙන්නු පොහොර වර්ග අපි ලබාදෙනවා.”