ඌව සහ මධ්‍යම පළාත්වලට ගිගුරුම් සහිත වැසි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

2019 මැයි මස 05 දින මධ්‍යහන 1200 ට නිකුත් කරන ලද මහජනයා සඳහා කාලගුණ අනාවැකිය මෙසේය

ඌව සහ මධ්‍යම පළාත් වලත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන සවස  02.00 න් පසුව වැසි හෝ ගිගුරම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දන්වා සිටි.

සබරගමුව, දකුණුසහ බස්නාහිර පළාත්වල සිහින්වැසිවාර කිහිපයක් ඇතිවේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි.