දම්පත් රණසිංහ
වලිකාමම් නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු යාපනය චාවකච්චේරි පොලිස් වසම් පිහිටි තනංකිලිප්පු අරුක්වේලි ප්‍රදේශයේ පිහිටි නිවසකද මියගොස් සිටියදී ඊයේ (01) පෙරවරුවේදී සොයාගෙන තිබේ.
56 හහැවිරිදි සුබ්‍රමිණියම් සිවපාලන් මහතා මෙසේ මියගොස් ඇත්තේ දින කිහිපයකට පෙර බව පොලීසිය සැකකරයි.
සිරුර නරක් වී ඇති මළ සිරුරෙන් වහනය වූ දැඩි දුගන්දය හේතුවෙන් ඒ ගැන ප්රදේශවාසියෙක් විසින් පොලීසියට කළ දැනුම් දීමකට අනුව කළ සොයා බැලීමේදී මෙම මළ සිරුර හමුවී ඇති බව යාපනය නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ලියනගේ මහතා පැවැසීය.
අක්කර 05 ක් පමණ පොල් ඉඩමක පිහිටි නිවසක් තුළ මෙම මරණය සිදුව සිදුව ඇත.
හිටපු මන්ත්‍රීවරයා එම පොල්වත්ත සහ ඉඩමේ මුරකරු ලෙස කටයුතුකර තිබේ. ඉඩම හිමිව ඇත්තේ කාන්තාවකට බවත් ඇය විදෙස්ගතව සිටින බවත් පොලිස් විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම මන්ත්‍රීවරයාගේ බිරිඳ සහ දියණියද විදෙස්ගතව සිටින බව පොලීසිය සදහන් කරයි.
මරණයට හේතුව අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.