පැතුම් වික්‍රමරත්න
අද සිට සිදුවෙන කිසිදු විදුලි බිඳවැටීමක් යථා තත්ත්වයට පත්කිරීමට කටයුතු නොකරන බව විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ ඊයේ(01) සවස 4.15න් පසු කිසිඳු විදුලි බිඳවැටීමක් යථාතත්වයට පත්කිරීමට කටයුතු නොකරන බවත් නීතිගරුක නිලධාරීන් මාරු කිරීමේ සිද්ධිවලට විරෝධය පළ කරමින් මෙම තීරණයට එළඹි බවත්ය.
“දැන් නීතිගරුක නිලධාරීන් මාරු කරන තත්ත්වයට පත්වෙලා. රටේ නීත්‍යානුකූලව ක්‍රියාකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත්වෙලා. අපි අද වෙනකම් හිටියේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක. ඒත් අපි 4.15න් පස්සෙත් සාමාන්‍ය සේවයෙන් ඉවත් වුණත් විදුලි බිඳවැටුම්වලට සහභාගී වුණා. පෙරේදා බිඳවැටීමත් අපි පැය එකහමාරක් ඇතුළත යථා තත්ත්වයට පත් කළා. අදින් පස්සේ 4.15න් පස්සේ බිඳවැටීම් සඳහා අපි මැදිහත් වෙන්නෙත් නෑ. මේක රටේ අනාගතය වෙනුවෙන් ගන්න පියවරක්.” මාධ්‍ය හමුවක් පවත්වමින් හෙතෙම කීය.
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඉකුත් නොවැම්බර් මස 25 වෙනිදා සිට ඊයේ දක්වා අකුරට වැඩ කිරීමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතව සිටියේය.