නවතම පුවත්

LGBT ලිංගික පරිවර්තන ප්‍රතිකාරය කැනඩාවේ තහනම් කරයි

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

සමලිංගික, ද්වීලිංගික සහ සංක්‍රාන්ති ලිංගිකයින් (LGBT) සඳහා වන පරිවර්තන ප්‍රතිකාරය තහනම් කිරීමට කැනඩාවේ මහජන මන්ත්‍රී මණ්ඩලය ඒකමතිකව ඡන්දය ප්‍රකාශ කර තිබේ.

නව නීතිය මගින් දරුවෙකු මෙම පුරුද්දට ලක් කිරීම හෝ අකමැත්තෙන් කිසිවකු එයට යටත් කර ගැනීම නීති විරෝධී කරයි. මෙම ලිංගික පරිවර්තන චිකිත්සාවට කථන චිකිත්සාව, මෝහනය, විදුලි කම්පන සහ නිරාහාරය ඇතුළත් විය හැකිය. ඇමරිකානු වෛද්‍ය සංගමය මෙම ක්‍රමය හානිකර සහ අකාර්යක්ෂම ප්‍රතිකාරයක් ලෙස හඳුන්වයි.

පුද්ගලයන්ගේ ලිංගිකත්වය හෝ ස්ත්‍රී පුරුෂ භාවය වෙනස් කිරීමට අදහස් කරන මෙම පරිවර්තන ප්‍රතිකාරය පුළුල් ලෙස අපකීර්තියට පත්ව ඇත.

අග්‍රාමාත්‍ය ජස්ටින් ටෘඩෝගේ ලිබරල්වාදීන් මෙම පියවර යෝජනා කළද, එහි තීරණයට ආණ්ඩු සහ විපක්ෂ සැමගේ සවේදීභාවයත් අත්පොළසන් දීමටත් හේතු විය.

පෙරේදා (01) මෙම පනත සම්මත කර ගත් අවස්ථාවේ සභා ගර්භයේ ලිබරල් මන්ත්‍රීවරු අනෙක් පසට ගොස් ඔවුන්ගේ කොන්සර්වේටිව් සගයන් සමඟ අතට අත දීමට සහ වැළඳ ගැනීමට කටයුතු කළ බව එරට පුවත් වාර්තා කරයි.

ලිබරල් මන්ත්‍රී සීමස් ඕ’රේගන් පවසන පරිදි පනතට ඒකමතික සහයෝගය ලැබීම පුදුමයට පත් කළ කරුණක් විය.

ජ්‍යෙෂ්ඨ සමලිංගික ලිබරල්වාදීන්, සමහරු කඳුළු සලමින් කියා සිටියේ ඡන්දයෙන් අදහස් කළේ LGBT ප්‍රජාවේ සාමාජිකයින්ට නැවත කිසි දිනෙක හිරිහැරවලට මුහුණ දීමට සිදු නොවන බවයි.

පනත දැන් පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සෙනෙට් සභාව විසින් අනුමත කළ යුතුය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා