නවතම පුවත්

ගෑස් පිපිරුම් ගැන හොයන ජනපති කමිටුවෙන් ජනතාවට දැනුම් දීමක්

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ගෑස් අනතුරු වළක්වා ගැනීමට ක්ෂණිකව ගතයුතු පියවර පිළිබඳ ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව විසින් ජනතාවට දැනුම්දීමක් කර තිබේ.

එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතා පෙන්වා දෙන්නේ ‘පළමුව ආරක්ෂාව’ යටතේ එම පියවර ගතයුතු බවය.

ඉන් පෙන්වා දෙන්නේ ගෑස් සම්බන්ධ යම් අනතුරක් නිරීක්ෂණය වන්නේ නම් හෝ සිදුවුවහොත් ගෑස් අලෙවි නියෝජිතයාට, ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති කමිටුවට ඒ බව දැනුම්දෙන ලෙසය.

එම කමිටුවේ දුරකථන අංක වන 0115 811 927 හෝ 0115 811 929  වෙත අමතා ගෑස් අනතුරු පිළිබඳ දැනුම් දෙන ලෙස කමිටුව ඉල්ලා සිටී.

සිදුවන අනතුරු අවම කිරීමේ ක්ෂණික පියවරක් ලෙස ඔබගේ ගෑස් සිලින්ඩරයට භාවිත කරන රෙගියුලේටරය, ගෑස් සැපයුම් නළය නිසි ප්‍රමිතියකින් හා ගෑස් ලිප නිසි ක්‍රියාකාරිත්වයකින් යුතු උපාංගවලින් සමන්විත බවට තහවුරු කරගන්නා ලෙසද දැනුම් දී තිබේ.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා