නවතම පුවත්

ඉන්දියාව නිසා චීනය මෙරට ව්‍යාපෘතියක් අතහරී

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

උතුරේ පිහිටි ඩෙල්ෆ්, නයිනතිව් සහ අනලතිවූ දූපත්වල චීන සමාගමක් විසින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ විදුලි ව්‍යාපෘති තුනක් අතහැර දැමීමට චීනය පියවර ගෙන තිබේ.

උතුරේ දූපත්වල දෙමුහුන් බලශක්ති පද්ධති ලෙස එම විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව විරෝධය දක්වා තිබුණු බවද පසුගිය දිනවල වාර්තා වී තිබිණ.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඊයේ (02) ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ තෙවැනි පාර්ශවයක් විසින් කළ “ආරක්ෂක ගැටලු හේතුවෙන්” එම තීරණය ගත් බවය.

Sino Soar Hybrid Technology සමාගම අදාළ ව්‍යාපෘති සඳහා ගිවිසුම් අත්සන් කර තිබුණි.

සූර්ය බලය සහ සුළං බලය උපයෝගී කරගෙන එම විදුලි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණේ ටෙන්ඩර් පටිපාටියට අනුව චීන සමාගමක් විසින් වන අතර එඒ සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමිව තිබිණ.

උතුර එම දූපත් 3ට ප්‍රධාන කුඩා පරිමාණයේ ඩීසල් බලාගාරවලින් දැනට විදුලිය ලබාදීම සිදු කෙරෙන අතර එම ක්‍රමය වියදම අධික ය. එබැවින් පරිසර හිතකාමී සූර්ය බලය හා සුළං බලය උපයෝගී කරගෙන විදුලිය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ඇතිව එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබිණ.

චීන සමාගම එම විදුලි ව්‍යාපෘති අතහැර දමන්නේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉන්දියානු නිල සංචාරයක යෙදී සිටින පසුබිමකදී ය.

ඩෙල්ෆ් දූපත් 3 අතහැර දැමූ චීන සමාගම මාලදිවයින සමග දූපත් 12ක එම ව්‍යාපෘතිය දියත් කිරීමට ගිවිසුම්ගත විය.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා