දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් විසින් . මුල්වරට , ඔමික්‍රෝන් ප්‍රභේදයට ප්‍රතිශක්තිකරණය මගහැර යාහැකි බවට වන විද්‍යාත්මක සාක්‍ෂියක් ඉදිරිපත් කර තිබේ.
මෑත කාලීනව එරට තුළ කොරෝනා වෛරසය එක් වරකට වඩා ආසාදනය වූ පුද්ගලයින්ගේ ඉහළයාමක්ද ඔවුන්ගේ නිරීක්ෂණයට ලක්වී ඇත
එම විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඔමික්‍රෝන් ප්‍රභේදය හමුවේ මෙලෙස එකම පුද්ගලයෙකුට වුවද යළි යළිත් වෛරසය ආසාදනයවීමේ හැකියාව පවතින බවය.
නව ප්‍රභේදය දකුණු අප්‍රිකාව තුළ ආසාදිතයන්ගේ ශීඝ්‍ර ඉහළ යාමකට හේතුවිය හැකි බවට බලධාරීන් දැනටමත් අනතුරු අඟවා තිබේ.