නවතම පුවත්

පකිස්ථානයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්‍ෂාව තහවුරු කරන්න – ගෝඨාභය ඉම්රාන්ගෙන් ඉල්ලයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

පාකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම පිළිබඳ මම මහත් සංවේගයට පත්වීමි. එම ම්ලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයකි.

අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛපාකිස්තානු රජය මෙම ම්ලේච්ඡ ඝාතනය සිදුවූ වහාම යුක්තිය පසිඳලීමට ගත් ක්‍රියාමාර්ග පාකිස්තානයේ අත්‍යන්ත මිතුරෙකු ලෙස ශ්‍රී ලංකාව අගය කරන අතර මේ පිළිබඳ පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙස ද ශ්‍රී ලංකා රජයත්, සමස්ත ජනතාවත් දැඩි විශ්වාසයෙන් බලා සිටිමු.

එසේම පාකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස  පාකිස්තාන රජයෙන් මම ඉල්ලා සිටිමි.

සිදුවීම සැලවූ වහාම ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට මා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ලබා දුන් උපදෙස් අනුව ඔවුන් මේ වන විට ක්‍රියාත්මක වෙමින් සිටී.

කුමන ස්වභාවයකින් පැමිණිය ද අන්තවාදී ක්‍රියාකාරකම් සමාජය දැඩිව ව්‍යාකුල කරන්නේය. එබැවින් අන්තවාදයට එරෙහිව ලෝකයම එකම අරමුණක සිට ක්‍රියා කළ යුතු බව මෙවැනි සිදුවීම් තුළින් තව තවත් තහවුරු වේ.

මෙම අවාසනාවන්ත සිදුවීමෙන් මේ මොහොතේ දැඩි කම්පනයට පත් ප්‍රියන්ත කුමාර මහතාගේ පවුලේ සමීපතමයන් සමග මමත්, රජයත්, සමස්ත ශ්‍රී  ලාංකික ජනතාවත් සිටින බව සිහිපත් කරමි.

මෙම ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඇතුලු පුද්ගලයින් සිය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ.  මෙම ඝාතනයට අදාලව පුද්ගලයින් 800කට පමණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද පාකිස්තාන පොලිසිය සඳහන් කළා.

මෙම ම්ලෙච්ඡ ඝාතනය සිදුවූ වහාම යුක්තිය පසිදලීමට පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ එරට රජය ගත් ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රී ලංකාව අගය කරන බවයි ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් සඳහන් කර ඇත්තේ පාකිස්තාන රජය ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග දෙසද ශ්‍රී ලංකා රජය සමස්ථ ජනතාව දැඩි විශ්වාසයෙන් බලා සිටිනවා. එමෙන්ම පාකිස්තානයේ වෙසෙන සෙසු ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන ලෙස තමන් එරට රජයෙන් ඉල්ලා සිටිනවා

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා