එස්. එල්. ටී. මොබිටෙල් සබුද්ධි ක්‍රීඩා සාහිත්‍ය සම්මාන 2021, දෙසැම්බර් 03 වැනි දා ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ .
. ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව නිල සහයෝගීතාවයෙන් එක් වූ මේ සම්මාන උළෙලට රන් අනුග්‍රහය දැක් වූයේ ද චාන්ස් ස්පෝර්ට්ස් විසිනි . සම්මාන උළෙල ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජප්කෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණ අතර .
මේ වසරේ එම සම්මාන උළෙලේ සම්මානලාභීන් සහ කුසලතා සහතික ලාභීන් පහත දැක්වේ ..
01. වසරේ ක්‍රීඩා සාහිත්‍ය ඡායාරූපය
සම්මානය – සමීර පීරිස්
සහතික – කැලුම් චාමර, වරුණ ලක්මාල් ආනන්ද
02. වසරේ ක්‍රීඩා සාහිත්‍ය නව මාධ්‍ය
සම්මානය – The papare.com
සහතික – Batsman.com, Srilankansports.com
03. වසරේ ක්‍රීඩා සාහිත්‍ය දිනපතා පුවත්පත
සම්මානය – අරුණ
සහතික – මව්බිම, දිනමිණ
04. වසරේ ක්‍රීඩා සාහිත්‍ය සති අන්ත පුවත්පත
සම්මානය – ඉරිදා ලංකාදීප
සහතික – සිළුමිණ, රාවය
05. වසරේ ක්‍රීඩා සාහිත්‍ය ගුවන්විදුලිය
සම්මානය – ලක්හඬ රේඩියෝව
සහතික – වෙළඳ සේවය, සිත 88.8
06. වසරේ ක්‍රීඩා සාහිත්‍ය රූපවාහිනිය
සම්මානය – ස්වාධීන රූපවාහිනිය
සහතික – දෙරණ, ජාතික රූපවාහිනිය
07. වසරේ ක්‍රීඩා සාහිත්‍ය ප්‍රකාශන ආයතනය
විශේෂ ඇගයීම් සම්මානය – සඳකඩ පහණ ප්‍රකාශන
08. වසරේ විද්‍යාර්ථී ක්‍රීඩා පර්යේෂණ නිබන්ධනය
සම්මානය – සුරාජ් චන්දන අරන්ගල, ප්‍රමේෂ් තොටවත්ත
සහතික – නඳුනි විජේතුංග
09. වසරේ ක්‍රීඩා විවිධ විෂයික කෘතිය
සම්මානය – ශ්‍රී ලංකාවේ එක්දින ක්‍රිකට් පුරාණය – සරත් ජයසිංහ
සහතික – චීන ජන වූෂූ ශාස්ත්‍රීය පෙළ – සංස්කාරක එම්. සෆීර්
විද්‍යාත්මක කායවර්ධන – ජනක සමරසිංහ
10. වසරේ ක්‍රීඩා ශාස්ත්‍රීය කෘතිය
සම්මානය – ක්‍රීඩාවේ සමාජ චල්‍යතාව – ආචාර්ය සමන්තා නානයක්කාර
11. වසරේ සබුද්ධි ක්‍රීඩා සම්මානය
සම්මානය – පැරා ඔලිම්පික් රන් පදක්කම්ලාභී දිනේෂ් ප්‍රියන්ත
පැරා ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී දුලාන් කොඩිතුවක්කු
13. ජීවිතයේදී එක්වරක් පමණක් පිදෙන යෝගානන්ද අනුස්මරණ සබුද්ධි රන් සම්මානය
– ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී නීතිඥ නීල් විජේරත්න
14. වසරේ ක්‍රීඩා සාහිත්‍යවේදියාට පිදෙන බන්දුල වර්ණපුර රන් සම්මනය
– ක්‍රීඩා මාධ්‍යවේදී සුසිල් රණසිංහ