නවතම පුවත්

නිවාඩුවකටවත් චීනෙට යන්න එපා – බ්‍රිතාන්‍යය බුද්ධි අංශ සාමාජිකයින්ට අනතුරු ඇඟවීමක් !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙවර නිවාඩුව ගත කිරීම සඳහා චීනය බලා පිටත් වීම කිසිසේත්ම සුදුසු නොවන බවට බ්‍රිතාන්‍ය රහස්‍ය බුද්ධි අංශ සේවාව හෙවත් MI6 ආයතනයේ ප්‍රධානී රිචර්ඩ් මූර් මහතා සිය හිටපු බුද්ධි නියෝජිතයින්ට අනතුරු අඟවා තිබේ.

චීන ඔත්තුකරුවන් විසින් හිටපු බුද්ධි නියෝජිතයන් ඇතුළු බ්‍රිතාන්‍ය රජයට බැඳි නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල් කලහකාරී ලෙස ඉලක්ක කරමින් සිටීම මීට හේතුව බව ඒ මහතා අවධාරණය කරයි.

රිචර්ඩ් මූර් මහාතා MI6 ආයතනයට අනුබද්ධව සේවය කළ රහස් ඔත්තු ක්‍රියාකරුවන් වෙත ලිඛිතවම මේ බව දැනුම් දී තිබේ.

ඒ අනුව මෙවර නිවාඩු කාලයට ව්‍යාපාරික කටයුතු හෝ විනෝදය සඳහා හෝ චීනයට සංචාරය කිරීම සුදුසු නොවන බවයි ඒ මහතා සිය හිටපු බුද්ධි සගයන්ට අනතුරු අඟවා තිබෙන්නේ.

චීනය වෙත පැමිණෙන හිටපු බ්‍රිතාන්‍ය බුද්ධි නියෝජිතයන් හා ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් හඳුනා ගෙන, ලිංගික සතුට ලබා දීමට ඉදිරිපත් වීම, හා සයිබර් අවකාශය හරහා තොරතුරු සොරකම් කිරීම ආදී උපායමාර්ගයන් යොදා ගනිමින් බ්‍රිතාන්‍යයේ රහස් හෙළිදරව් කර ගැනීමට චීනය කටයුතු කරන බවට මිරර් පුවත්සේවය වාර්තා කරයි.

මෙසේ හිටපු බුද්ධි නියෝජිතයන්ගේ පවුල් ඉලක්ක කිරීම චීනය පමණක් නොව රුසියාව තුළ ද ක්‍රියාත්මක වන බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙයි.

අදාළ පුද්ගලයන් ගේ චීන සංචාර වෘත්තීමය හෝ ව්‍යාපාර හේතු මත නොවී අතිශයින්ම පෞද්ගලික හා අහිංසක කරුණු මත පදනම් වූව ද මෙම තත්ත්වය උදාවිය හැකි බවයි MI6 බුද්ධි සේවය අනතුරු අඟවන්නේ.

ඒ අනුව අදාළ අනතුරු ඇඟවීම MI6 හිටපු ඔත්තුකරුවන් සියගණනකට මේ වන විට ලිඛිතව ලැබී ඇති බව ද වාර්තා වේ.

මීට ඉහත දී MI6 ප්‍රධානී රිචර්ඩ් මූර් මහතා අනතුරු අඟවා සිටියේ චීනයේ ආර්ථික ප්‍රතිපත්තීන් හරහා ආර්ථික අතින් අසරණ වී සිටින රාජ්‍යයන් ණය උගුල් සහ දත්ත උගුල් වල සිරකරවීමට චීනය අර අදින බවත්, මෙමඟින් ඒ ඒ රටවල ස්වෛරීභාවයට බරපතල හානි පැමිණිය හැකි බවත් ය.

එමෙන්ම, එක්සත් රාජධානියට එරෙහිව මහා පරිමාණ ඔත්තු බැලීමේ ක්‍රියාන්විතයක් දියත් කිරීමට චීනය කටයුතු කරමින් සිටින බව ද හෙතෙම අවධාරණය කර තිබිණි.

prathibha
ප්‍රතිපත්තිමය වෙනස්කම් සඳහා පුරවැසි සංවිධාන ශක්තිමත්විය යුතුයි - ප්‍රතිභා මහානාමහේවා
image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා