නවතම පුවත්

කොවිඩ්වලටත් වඩා භයානක වෛරස ඉදිරියේදී මතුවේවි – සාරා අනතුරු අඟවයි!

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ඉදිරි අනාගතයේදී ඇතිවන වසංගත තත්ත්වයන් වත්මන් කොවිඩ් -19 වසංගතයට වඩා මාරාන්තික විය හැකි බැවින් ඊට සමස්ත ලෝකයාම සුදානම් විය යුතු බව Oxford-AstraZeneca එන්නතෙහි නිර්මාතෘවරියක වන මහාචාර්ය  සාරා ගිල්බර්ට්  ප්‍රකාශ කර සිටි.

කොවිඩ් -19 වෛරසයේ ව්‍යාප්තිය සමග උගත් පාඩම් නිකරුණේ නාස්ති වී යාමට ඉඩ නොතැබිය යුතු බවට සමස්ත ලෝකයම සහතික විය යුතු බවද ඇය  සඳහන් කර සිටි.

44 වන , ‘රිචඩ් ඩිම්බල්බි’ දේශනයට එක්වෙමින් මහාචාර්ය  සාරා ගිල්බට්  වැඩිදුරටත් මෙසේද පැවසීය

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව කොවිඩ් -19 වෛරසයෙන් ලොව පුරා මිලියන 5.26 ක ජනතාවක් මියගොස් ඇති අතර, ඩොලර් ට්‍රිලියන ගණනක මුදලක් ආර්ථිකයෙන් අතුගා දැමීමට සමත් ව තිබෙනවා . මේ සියල්ලටම අමතරව ලොවපුරා බිලියන ගණනක ජනතාවගේ ජිවිත ඉතා කෙටි කලක් තුලදී වෙනස් කරලීමට මෙම වසංගත තත්ත්වය හේතුවුනා .

” ඇත්ත නම් ඉදිරියේදී පැමිණෙන වෛරසය දැනට වඩා බරපතල විය හැකියි. එය වඩා ඉක්මනින් බෝවෙන හෝ වඩා මාරාන්තික විය හැකියි. ඇතැම් විට මෙම තත්ත්වයන් දෙකම තිබෙන්න පුළුවන්

“වෛරසයක් අපගේ ජීවිතවලට සහ අපගේ ජීවනෝපායට තර්ජනයක් වන අවසාන අවස්ථාව මෙය නොවනු ඇති . මීළඟ වෛරසය සඳහා වඩා හොඳින් සූදානම් වී ඇති බවට ලෝකය සහතික විය යුතුයි

“අපි ලබා ඇති දියුණුව සහ අප ලබාගත් දැනුම නැති කර නොගත යුතුයි” ඔමික්‍රොන් ප්‍රභේදයේ ස්පයික් ප්‍රෝටීනයේ වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව ත්‍රිව කර ඇත, එය එන්නතට දක්වන ප්‍රතිචාරද අවම

මේ අතර ඉදිරියේදී ඇතිවිය හැකි වසංගත තත්ත්වයන් සම්බන්ධයෙන් සඳහා පෙර සූදානම සඳහා වසරකට අවම වශයෙන් ඩොලර් බිලියන 10 ක ඇස්තමේන්තු ගත මුදලක් වෙන් කිරීමට යෝජනා වී ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේය .

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්