නවතම පුවත්

ලංකාව ගොඩගන්න ඉන්දියාවෙන් හදිසි ආර්ථික පැකේජයක්

Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ නවදිල්ලි සංචාරයෙන් අනතුරුව, ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සමනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ඉන්දියාව හදිසි පදනමක් මත ආර්ථික පැකේජයක් සකස් කරමින් සිටින බව ඉකොනොමික් ටයිම්ස් පුවත්  වාර්තා කර තිබේ.

ඒ අනුව ඉන්දියාව ශ්‍රී ලංකාවට ආහාර සහ සෞඛ්‍ය ආරක්ෂණ පැකේජයක් කඩිනමින් දීර්ඝ කිරීමට බලාපොරොත්තු වේ. එමෙන්ම බලශක්ති ආරක්ෂණ පැකේජයක් සහ මුදල් හුවමාරුවක් සමඟින්, ඉන්දියානු ආයෝජන ද මෙරටට ලබාදීමට කටයුතු කරමින් සිටින බව එහි දැක්වේ.

මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියා පටිපාටි අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ කාලයක් තුළ කල් ඇතිව අවසන් කරන බවට මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ සංචාරයේදී එකඟ වී ඇති බවද එහි සඳහන් ය.  ශ්‍රී ලංකාවේ වත්මන් ගෙවුම් ශේෂ ගැටලු විසඳීම සඳහා මුදල් හුවමාරු කිරීමේ පිරිනැමීමක් ද මෙම සහන පැකේජය තුළ ඇති බව නිලධාරීහු පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ රැකියා ව්‍යාප්තියට දායක වන විවිධ ක්ෂේත්‍රවල ඉන්දීය ආයෝජන සඳහා පහසුකම් සැලසීමට ද තීරණය විය. ඉන්දු ලංකා මුදල් අමාත්‍යවරුන් සහ ඉන්දියාවේ විදේශ අමාත්‍ය එස් ජයශංකර් නවදිල්ලියේදී හමුවූ අවස්ථාවේදී මෙරට වෙත සෘජු සන්නිවේදන මාර්ග විවෘත කිරීමටත්, පැකේජය බෙදා හැරීම සම්බන්ධීකරණය කිරීම සඳහා එකිනෙකා සමඟ සෘජු හා නිතිපතා සම්බන්ධ වීමටත් එකඟ වූ බව ඉකොනොමික් ටයිම්ස් වාර්තා කළේය.

How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි
hisathel gema
හිසතෙල් ගෑමේ නැකත උදාවෙයි
awurudu wish
සුබ අලුත් අවුරුද්දක් වේවා!
awurudu games
අවුරුදු උත්සව -සැණකෙලිවලට 30,000කට අධික ආරක්ෂක භටයින්