30ට වැඩි අයට බූස්ටරේ දෙන්නේ මෙහෙමයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොළඹ මහ නගර සභා සීමාවේ වයස අවුරුදු 30 ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් මර්දන එන්නත් බූස්ටර් මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් මාත්‍රාව ලබාදීම අද සිට ආරම්භ කරන බව කොළඹ මහ නගර සභාව පවසයි .

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනූකා ගුරුගේ පැවසුවේ මේ සඳහා සුදුසුකම් ලැබූ අදාල පුද්ගලයිනට කෙටි පණිවුඩයක් යොමුකරන බවයි.

ඒ අනුව නියමිත මධ්‍යස්ථානය වෙත පැමිණ බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගත හැකි බව ඇය ප්‍රකාශ කළා.

බූස්ටර් මාත්‍රාව ලබාදේනටන් කොවිඩ් මර්දන එන්නත් දෙවැනි මාත්‍රාව ලබාගෙන මාස තුනක් සම්පූර්ණ වූ පුද්ගලයින්ට පමණයි.