රටේ ඩොලර් සංචිත , මාසෙකටවත් මදි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මේ වන විට රටතුළ පවතින විදේශ සංචිත ප්‍රමාණය රටේ ඉදිරි පැවැත්මට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව ආර්ථික විශ්ලේෂකයින් අනතුරු අඟවා සිටී .

මාසික ආනයනයන් සඳහා පවා මෙම ඩොලර් සංචිත ප්‍රමාණවත් නොවන බවද කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජේ්‍යෂ්ඨ කතිකාචාර්්‍ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පැවසීය .

මේ අනුව  ඉදිරියේදී භාණ්ඩ හිඟවීමක් සහ ආනයනික සීමා දැඩිවීමක් සිදුවිය හැකි බවද ඒ මහතා මාධ්‍ය වෙත පැවසීය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීම මේ අවස්ථාවේ රටට ඇති එකම විකල්පය බවද ඒ මහතා පැවසීය