කොවිඩ් සුනාමියෙන් බේරෙන්න , 20ට වැඩි සැමට බූස්ටර් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට රජය තීරණය කර ඇත

මේ ගැන අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා අද මෙසේ පැවසීය

“එන්නත්කරණයේ අවසානයට ලංකාව එළඹ තිබෙනවා. අපි දැන් තීරණය කළා පළවන සහ දෙවන මාත්‍රා ලබාගෙන තියෙන, මාස 3 ඉක්මවූ වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලෙස ෆයිසර් එන්නත ලබාදෙන්න. මේ වෙනකොට තමන්ට ළඟම සහ පහසු ඕනෑම ස්ථානයකින් බූස්ටර් එන්නත ලබාගන්න පුළුවන්.”

“බූස්ටර් එන්නත ලබාගන්න නැවත ජනතාව අතර උනන්දුවක් ඇතිවෙලා තියෙනවා. බූස්ටර් එන්නත ලබාගන්නේ නැතුව විනෝද වෙන්න ගියොත් දෙසැම්බර් මාසේ අන්තිම සතියේ කොවිඩ් සුනාමියකට ලෑස්තිවෙන්න වෙනවා.”

“මෙම බූස්ටර් එන්නත ලබාදීම කඩිනම් කළේ වසර අවසානයේ උත්සවය සමයත් සමග ජනතාව වැඩිවශයෙන් ගමන්බිමන් යන නිසා.”

“වැඩි ජනතාවක් එකතු වන රජයේ ආයතන, ඇඟලුම් කම්හල්, ආර්ථික මධ්‍යස්ථානවල අයට කියන්නේ හැකි ඉක්මනින් මෙම බූස්ටර් එන්නත ලබාගන්න කියලා.”

“ඊයේ දිනයේ පමණක් බූස්ටර් එන්නත 81,208 දෙනෙකුට ලබා දුන්නා. සමස්තය 12 ලක්ෂ 66,000ක්.”