ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට හදිසි ආධාර පැකේජයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

වර්තමානයේ දී ශ්‍රී ලංකාව මුහුණ පා සිටින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් මිදීමට සහාය ලබාදෙනු පිණිස, ඉන්දියාව විසින් හදිසි ආධාර පැකේජයක් සකස් කරමින් සිටින බවඉන්දීය මාධ්‍ය  වාර්තා කර සිටී.

ආහාර හා සෞඛ්‍ය සුරක්ෂිතතාව, බලශක්ති සුරක්ෂිතභාවය සහ විනිමය හුවමාරු ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ආවරණය වන පරිදි මෙම ආධාර පැකේජය සකස් කෙරෙන බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

නොබෝදා දියත් වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දියානු සංචාරයෙන් පසුව මෙම පියවර ගෙන ඇති බව මාධ්‍ය  වැඩිදුරටත් වාර්තා කර සිටී.