ශ්‍රීපාදේ යන අයට එන්නත් කාඩ්පත ඕනමයි මාස්ක් දන්සැල් විතරයි

Picture of Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ශ්‍රී පාද වන්දනාවේ යෙදෙන වන්දනාකරුවන්ට එන්නත් කාඩ්පත අනිවාර්ය කර තිබේ. ලබන 18 වැනිදා සිට 2022 මැයි 16 වැනිදා දක්වා ශ්‍රීපාද වාරය ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

මෙම වාරය තුළ ශ්‍රී පාද වන්දනාවේ නිරතවීමට බලාපොරොත්තු වන අය සඳහා තවත් COVID-19 මාර්ගෝපදේශ කිහිපයක් ක්‍රියාත්මක කර ඇත.

වන්දනාවේ යෙදෙන බැතිමතුන් එන්නත්කරණය කළ බව තහවුරු කෙරෙන කාඩ්පත හෝ එහි ඡායා පිටපතක් ළඟ තබාගත යුතු ය.

ආහාර පාන දන්සැල් තහනම් වන අතර මුඛ ආවරණ හෝ සනීපාරක්ෂක ද්‍රව්‍ය දන්සැල් පමණක් පවත්වාගෙන යා හැකිය.

වන්දනාකරුවන් මුඛ ආවරණ පැළඳ ගමන් කිරීම, දුරස්ථභාවය පවත්වා ගැනීම සහ නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම අපේක්ෂා කරයි.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතු බව ද ගැසට් නිවේදනයේ සඳහන් වේ.