උත්සව සමයේ කොවිඩ් නීති දැඩි කරන්න ඉල්ලීමක්

Picture of Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

එළඹෙන උත්සව සමයේදී සෞඛ්‍ය රීති පනවන්නැයි සෞඛ්‍ය වෘත්තිය සමිති ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ මේවනවිට ජනතාවගේ හැසිරීම මත උත්සව සමයෙන් පසු රටේ තත්ත්වය තවත් බරපතල විය හැකි බවයි.

ඔහු කියා සිටියේ රටේ ආර්ථිකයට බලපෑමක් ඇති නොවන පරිදි සෞඛ්‍ය රීති පැනවීමට ඕනෑතරම් අවකාශය ඇති බවයි.

එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ ද පැවසුවේ උත්සව සමයේදී ජනතාවගේ හැසිරීම මත නව වසරේ කටයුතු තීරණය වනු ඇති බවයි.