ඔමික්‍රෝන් ගැන නොතකන රටවල් නිසා WHO කනස්සල්ලෙන්

Picture of Roshan

Roshan

පැතුම් වික්‍රමරත්න

ලොව බොහෝ රටවල් ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පිළිබඳ අවතක්සේරු කිරීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කණගාටුව පළකර සිටී.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තියට මුහුණ දීමට සූදානම් නොවුනහොත් රෝගීන් සංඛ්‍යාව අනපේක්ෂිතව ඉහළ ගොස් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමකට ලක්විය හැකි බවය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ආදනම් මහතා මාධ්‍ය වෙත පැවසීය,

මෙතෙක් හඳුනා ගැනුණු කොරෝනා ප්‍රභේදවලට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදය පෙර නොවූ විරූ වේගයකින් ලොව පුරා පැතිරයමින් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි,

මේ වනවිට ලොව රටවල් 77 ක් පුරා ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තව ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි