නවතම පුවත්

හිරු ගවේෂණය සාර්ථකයි !

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

හිරු ගවේෂණයට යැවූ ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ නම් ස්වයංක්‍රීය  රෝබෝ යානය, හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින්, දත්ත රැස් කළ ඇතැයි ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වේ .

මෙම රොබෝ යානය, මිනිසා විසින් හිරු ගවේෂණයට යැවූ පළමු ගවේෂණය යානයයි.

‘පාකර් සෝලර් ප්‍රෝබ්’ හිරුගේ චුම්බක ක්ෂේත්‍රය අධ්‍යයනය කරමින්, හිරුගේ අංශු සාම්පල එක්රැස් කළ බව නාසා ආයතනය කියයි. යානය නිපදවා ඇත්තේ හිරුගේ අධික තාපයට ඔරොත්තු දෙන අන්දමින් විශේෂිත ක්‍රමයකටය.

රොබෝ යානය, හිරුගේ ඉහළ රැස් වළල්ල අතරින් ගමන් කරමින් දත්ත රැස් කර තිබෙන්නේ පසුගිය අප්‍රේල් 28 වැනිදාය. එම දත්ත විශ්ලේෂණය කරමින් ඒ බව තහවුරු කිරීමට නාසා විද්‍යාඥයන්ට මාස කීපයක් ගතවිය. ඒ අනුව, ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ රොබෝ යානයේ වික්‍රමය ලොවට අනාවරණය සිදු කෙරුණේ පසුව විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

නාසා ආයතනය ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානය පෘථිවියෙන් පිටත් කර හිරු වෙත යැවීම සිදුවූයේ 2018 දීය. එය හිරු වටා යමින් සෙමින් සෙමින් හිරුට ළං වීම සිදුවිය. යානය ගමන් කරන්නේ පැයට කිලෝ මීටර් 6,92,000 ප්‍රබල වේගයකිනි. ‘පාකර් සෝලර් ප්‍රෝබ්’ යානය නිපදවීමට වැය වී ඇති මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5 කි.

image
DIGIECON ගෝලීය ආයෝජන සමුළුව, හරහා මෙරටට නව ආයෝජන රැසක් !
debt
රටේ ණය බර තවත් ඉහළට !
DiscoverHeat1
මේ උණුසුම අවදානම් !
How-to-trade-stocks
කොටස් වෙළෙඳපොළෙන් බිලියන 2 1/2 ක පිරිවැටුමක්. ප්‍රධාන මිල දර්ශකය ඒකක 77කින් ඉහළට
image-4
ශ්‍රී ලංකාව හා ඉරානය අතර අවබෝධතා ගිවිසුම් පහක් !
image-3
උමා ඔය ව්‍යාපෘතිය විවෘත කෙරේ !
wijedasa
විජේදාසත් වැඩබලන සභාපති වෙයි !
image-2
වතුකරයේ හර්තාල් !
image
ජාතික මුරුංගා දිනය ප්‍රකාශයට පත් කිරීම කඩිනමින් සිදු කරනවා
train-1
අවුරුදු වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාව අද සිට ක්‍රියාත්මකයි