අවසන් කාර්තුවේ ආර්ථික වර්ධනය, ඍන 1.5 දක්වා පහළට !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මෙම වසරේ ජූලි සිට සැප්තැම්බර් දක්වා වන තෙවන කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ඍණ එකයි දශම 5 ක් දක්වා පහත වැටී ඇති බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වාදෙ

ඒ අනුව මෙම වසරේ තෙවන කාර්තුව සදහා ස්ථාවර මිල ගණන් යටතේ ශ්‍රී ලංකාවේ දල දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 24 ලක්‍ෂ 97,489 ක් දක්වා පහල ගොස් ඇති බව එම දෙපාර්තමේන්තුව පවසයි . 2020 වර්ෂයේ තෙවන කාර්තුවේදී මෙරට දල දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 25 ලක්‍ෂ 36,490 ක් ලෙස වාර්තා වී ඇත

කෙසේවෙතත් පසුගිය වසරේ තෙවන කාර්තුව හා සැසදීමේදී කෘෂිකාර්මික අංශයේ සියයට එකයි දශම 7 ක සුළු වර්ධනයක් වාර්තා කර තිබෙ

සංචරණ සීමා පැනවූ කාලසීමාවේදී පවා රට පුරා කෘෂිකාර්මික ආර්ථික කටයුතු නොකඩවා කර ගෙන යාමට රජය විසින් අවසර ලබාදී තිබීම ඊට ධනාත්මකව බලපා ඇති බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙ

මෙම කාර්තුවේදී කර්මාන්ත අංශයේ සියයට දෙකයි දශම එකක ඍණ වර්ධන වේගයක් සහ සේවා අංශයේ සියයට එකයි දශම 6 ක ඍණ වර්ධන වේගයක් වාර්තා කර තිබෙ. ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්තියත් සමග මෙරට කොවිඩ් ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාම හා නව සාමාන්‍යකරණයට පත්වෙමින් ඇති ආර්ථික ක්‍රියාකාරකම්වලට නැවත බාධා එල්ලවීම මෙම තත්ත්වයට බලපා ඇති බවද  ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙ.