චෙන්නායි සිට ගෙනා මත්ද්‍රව්‍ය කිලෝ 3ක් අල්ලයි

Picture of අසංක

අසංක

ඉන්දියාවේ චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3ක් පමණ සමඟ ලාංකිකයකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු ගෙන ආ ගමන් බෑගයේ ව්‍යාජ පතුලක් සාදා ඒ තුළ මෙම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 900 රඳවා තිබී ඇත.

සැකකරු 68 හැවිරිදි වත්තල පදිංචි මොහොමඩ් හසාන් මොහොමඩ් අක්‍රම් නමැත්තෙකි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සඳහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයට භාරදී ඇත.