හිටපු මන්ත්‍රී පොඩි අප්පු සිරිසේනට වසර 4ක සිර දඩුවමක්

Picture of අසංක

අසංක

ඉෂාර රත්නකාර

රජයට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් අවභාවිත කිරීමේ චෝදනාවලට වරදකරු වූ දෙමළ ජාතික සන්ධානයේ දිගාමඩුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලි‍මේන්තු මන්ත්‍රී පී.එච්. පියසේන මහතාට බරපතළ වැඩසහිත වසර 4ක සිරදඩුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් අද නියම කළාය.

එම සිර දඩුවමට අමතරව රුපියල් ලක්ෂ 54ක දඩ මුදලක් ද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා එය නොගෙනවන්නේ නම් අමතර වසර 2ක සිර දඩුවමක් ද විත්තිකරුට නියම කළේය.

පොඩි අප්පු පියසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුව සිටියදී භාවිත  කළ අගමැති කාර්යාලයට සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට අයත් ප්‍රාඩෝ වර්ගයේ ජිප් රථයක් ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමිවීමෙන් පසුවත් රජයට භාර නොදී අවභාවිත කරන ලදැයි නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.