“රාවණ අඩවිය” හෙට(20) දොරට වැඩියි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

මලින්ද අතුළුවගේ විසින් රචිත , රාවණ අඩවිය නවකතාව හෙට (20) දින පස්වරු 2.00 ට  හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ අරුන්දතී ශ්‍රවනාගාරයේදී උත්සවාකාරයෙන්  එළිදැක්වේ .

අචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා මෙම උත්සව අවස්ථාවේ මුලසුන හොබවන අතර , අචාර්ය ටියුඩර් වීරසිංහ අචාර්ය පද්මකුමාර ජයසිංහ , සිනමාවේදී තුසිත ජයවර්ධන , හා දේශමාන්‍ය සුනිල් උඩුකුල මෙහිදී කෘතිය පිලිබඳ දෙසුම් පවත්වති .

මාධ්‍යවේදී ඉන්ද්‍රජිත් සුරවීර මෙම සංවාද මණ්ඩපය මෙහෙයවනු ලබයි .

කාලයේ වැලි තලාව මත ගිලි ගිය ඉතිහාසයක තතු සොයා ගමන් අරඹන නිර්භීත තරැණයන් පිරිසික් මුහුණ දෙන ත්‍රාසය  භීතිය හා කුතුහලයෙන් පිරි වික්රමාන්තික ගමනක් පිලිබද ගෙතුණු කෘතියක් ලෙස කතුවරයා විසින් මෙම නවකතාව හඳුන්වාදී ඇත

May be an illustration of 1 person and text